පොසොන් පුන් සඳ අහසෙහි පායා දිලෙමින් ගලා එන සඳකැන් අපහට සිහිපත් කර දෙන්නේ කිසිලෙසකින්වත් කෙළෙහි ගුණ දක්වා අවසන් කළ නොහැකි පරමෝත්තම මුනිවරයාණන් වහන්සේ නමකගේ අසිරිමත් ගුණ කඳයි.ඒ අන්කවරෙකුවත් නොව, අපව තුනුරුවන කෙරෙහි මනාව පහදවා, සියලු කරදර කම්කටොලු ඉදිරියේ තුනුරුවන ම එකම පිහිට පිළිසරණ බවට පත් කර ගැනීමට තථාගත ශ්‍රී සද්ධර්මයෙන් ජවය ලැබ දුන්, සියලු යහපත ම සලසා දුන්, අපගේ ආදිගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේය. අද අප සිතින්, කයින්, වචනයෙන් කරනා සියලු යහපත් දෙයට මඟ පෙන්වූවෝ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය.
ඒ උත්තම මහා මහින්ද මහරහතන් වහන්සේ ප්‍රතිපත්‍ති පූජාවෙන් පුදන්නත්, උන්වහන්සේගේ ශ්‍රී නාමයට උපහාර පූජා පවත්වමින් වන්දනමානන සිදුකර කරන්නත්, ඔබට පින්බර අවස්ථාවක් උදා වී ඇත.
🌷හෙට (ජූනි 08) දවස පුරාවට…🌷
ඉසිපතන පුණ්‍යභූමියේ දී…🙏🙏
(Isipathana Meditation Centre, Willenhall Street, Newport)
🪷 උදෑසන 8.00 සිට 4.00 දක්වා පොසොන් සීල භාවනා වැඩසටහන
🪷 සවස 5.30 සිට අසිරිමත් මහා මහින්ද ථේරාභිවන්දනාව
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා!

